Premakeerthi de Alwis

ආදරයයි ඔබයි තරම්

Adarayai obai tharam...

Lyrics : ප්‍රේමකීර්ති ද අල්විස්
Music : ආචාර්ය වික්ටර් රත්නායක.
Singer : ආචාර්ය වික්ටර් රත්නායක.

 

watch song

Lyrics

ආදරයයි ඔබයි තරම්
ධනයක් ඉසුරූ
මට මතකයි මා මෙතුවක්
නොලැබූ අයුරූ…

මේ සා මහ විශාල වූ
මහ පොළෝතලේ
ඔබ ඉන්නා තැන පමණයි මා
අගේ කළේ
පියවි ලොවෙහි පමණක් නොව
ලොවෙ ද ලොව නිදී
තුන්සිය හැටපස් දවසේ
හමු වුණත් මදී…

ලීව ගීත කවි මා ඔබ
නිසා දයාවී
කාලිදාස යළි ආවොත් නම්
පුදුම හිතාවී
ඈ මා ළඟ මා ඇය ළඟ
කිසි අඩුවක් නෑ
ඉතිං සඳේ මේ පැත්තෙන්
නාවට කම් නෑ…

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක.
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක.
Scroll to Top