Premakeerthi de Alwis

අපෙ හැඟුම් වලට

Ape hagum walata

Lyrics : ප්‍රේමකීර්ති ද අල්විස්
Music : ආචාර්ය වික්ටර් රත්නායක.
Singer : ආචාර්ය වික්ටර් රත්නායක.

 

watch song

Lyrics

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .

හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
අත් පටලා යමු ආයේ . . .

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . .
හඳ පානේ.. මඳ අඳුරේ . .
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ..
හඳ පානේ මඳ අඳුරේ . .
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ ..
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
අත් පටලා යමු ආයේ . . .
අත් පටලා යමු ආයේ . . .

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක.
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක.
Scroll to Top