Premakeerthi de Alwis

ආදරයේ උල්පත වූ අම්මා..

Adaraye ulpatha u amma

Music : Victor Rathnayake
Singer : Victor Rathnayake.
watch song
More songs

Lyrics

ආදරයේ උල්පත වූ අම්මා..
මා ඔබගේ පුතු වූ…
ඔබ මතු බුදුවන දවසේ..
මා රාහුල කුමරුන් සේ…
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
සුළඟිල්ලේ එල්ලී….

සඳ දියකොට කිරි වතුරෙන්..
ඒ දියරෙන් මුව දෝවා….
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා…
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී..
ඒ ජීවිතයට දිරි දී පණ දී..
මා දැඩි කල අම්මා..

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා..
නිදි ගන්වා යහන් ගැබේ..
සිහිනෙන් ගෑ මුදු සුවඳක් මෙන්..
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙහස ලබැඳී..
ගෙනදී දිවියට නව පණ ලැබදී..
මා දැඩිකල අම්මා..
Lyrics : Premakeerthi de Alwis.
Music : Victor Rathnayake
Singer : Victor Rathnayake.
Scroll to Top