Premakeerthi de Alwis

විලක නෙළුම් මට කුමටද

Vilaka nelum mata

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: ලක්‍ෂ්මන් රොද්‍රිගු

watch song

Lyrics

කඳුළු පිරුණු දෑසේ
ඇඟිලි තුඩු තබා
පිසදා සිනා සී
පිපිලා මලක් සේ
සිනහසෙන්න
මැණිකේ…

රෑ සීත ඈතින් ගලා ලා
වෑහේවි සඳකැන් නුරා
මා හා දයාවේ
මුතු මල් තලාවේ
එන්න යන්න
රහසේ…

පාවේවා ඒ දුක් අතීතේ
ආලෝකෙ අලුතින් ලබා
මා හා රැඳී ලා
අත්වැල් බැඳී ලා
ඉන්න මහද
සෙවණේ…

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: ලක්‍ෂ්මන් රොද්‍රිගු

Scroll to Top