Premakeerthi de Alwis

කුන්ඩුමණී

Kundumani.....

Lyrics: ප්‍රේමකීර්ති ද අල්විස්
Music : ආචාර්ය වික්ටර් රත්නායක.
Singer : ප්‍රේඩි සිල්වා.

watch song
ගීතය හැදුන හැටි

Lyrics

මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං හඳට අඬං
සිංදු කියන්නී… කුණ්ඩුමනී…
 
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
 
නැහැයෙ කරාබුව දෙකනේ
කඩුක්කන් දමා සියොළඟ
මොට්ටක්කිළියෙන් හැඩ කොට
වසා ඉඟ නමා
උලුඳු කොටා තල වේලා
තල් පත් මත ගිනි අවුවේ ලා… කුණ්ඩුමනී…
සෙම්බු තාලි උකුළෙ හොවා
ආඬි ළිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා
විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්
පොල් ගහලා නළලේ අළු ගා… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
 
ගොම ඉහලා හැදූ ගෙබිම
පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකොඩ
සිටුවා තබලා
කොම්බු කතම් බෘදංග නද
මුළු ගමටම හඬවා දීලා…කුණ්ඩුමනී…
සණ්ඩු කරල බැණුම් අහල
හැංගි හැංගි බැන්ද පෙු්මෙ
මහ රාජා ආ කල ගෙට
තිරික්කළෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහැර
බලා හිඳීමි කීකරු වීලා…කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
 
මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං හඳට අඬං
සිංදු කියන්නී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක.

ගායනය : ප්‍රේඩි සිල්වා.
Scroll to Top