Premakeerthi de Alwis

විලක නෙළුම් මට කුමටද

Vilaka nelum mata

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් දලුගම
යුග ගායනය: අමිතා දලුගම/වැදිසිංහ සහ ටියුඩර් ජයශාන්ත

watch song

Lyrics

විලක නෙළුම් මට කුමටද
ඔබ හිනැහේ නම්…
නෙතක කැළුම් විඳ සැතැපෙමි
ඔබ සෙවණේ මම්…

ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ
පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ…
හෙට අළුයම ගෙට ගෙන එන ළහිරු රැස් දියේ
වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ…

උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා
බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා…
අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ
ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ…

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් දලුගම
යුග ගායනය: අමිතා දලුගම/වැදිසිංහ සහ ටියුඩර් ජයශාන්ත

Scroll to Top