Premakeerthi de Alwis

ආදරණීය නේරංජනා

Adaraneeya Neranjana

Music : Priya Sooriyasena
Singer : Priya Sooriyasena

watch song
More songs

Lyrics

ආදරණීය නේරංජනා…ආදරණීය නේරංජනා
ඔබෙ මුව මදහස් රැළි මාලාවේ
වෙළී බැඳුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවෙයි යළි ඉන් පිටවූයේ

කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවෙකු සිටියේ නෑ
එනමුඳු කවුදෝ ඇති බව හැඟුණා
නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එ’නමුදු කෙලෙස ද ඇගෙ අත ගන්නේ
මගේ හිතම මට මුමුණනු ඇසුණා

ගායනය – ප්‍රියා සූරියසේන
සංගීතය – ප්‍රියා සූරියසේන
ගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්

Scroll to Top