Premakeerthi de Alwis

එක යායේ කකා වැටී

Eka yaye kaka wati

Music : එච්.එම්. ජයවර්ධන
Singer : බන්දුල විජේවීර, එඩ්වර්ඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ

watch song

Lyrics

එක යායේ කකා වැටී – එකා වගේ එකට හිටී..
 
එක පවුලේ උපන් ලෙසේ – කල ආරක්ෂා…
නාස් ලනුව දමනවාලු – කරත්තයක බදිනවාලු..
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා…
එක යායේ කකා වැටී – එකා වගේ එකට හිටී..
එක පවුලේ උපන් ලෙසේ – කල ආරක්ෂා…
නාස් ලනුව දමනවාලු – කරත්තයක බදිනවාලු..
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා…
 
ගෙට ආ කල ටිකිරි ලියා…
නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා…
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී – එකා වගේ එකට හිටී…
එක පවුලේ උපන් ලෙසේ – කල ආරක්ෂා…
නාස් ලනුව දමනවාලු – කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා…
 
වලට වැටුනු එකා යකා- වලටම ඇද ගනු මිසකා…
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමතී…
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී….
 
එක යායේ කකා වැටී – එකා වගේ එකට හිටී…
එක පවුලේ උපන් ලෙසේ – කල ආරක්ෂා…
නාස් ලනුව දමනවාලු – කරත්තයක බදිනවාලු…
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා…
එක යායේ කකා වැටී – එකා වගේ එකට හිටී…
එක පවුලේ උපන් ලෙසේ – කල ආරක්ෂා…
නාස් ලනුව දමනවාලු – කරත්තයක බදිනවාලු…
 
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා…

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : එච්.එම්. ජයවර්ධන

ගායනය : බන්දුල විජේවීර, එඩ්වර්ඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ
Scroll to Top