Premakeerthi de Alwis

හුස්මට හුලගත්

Husmata hulagath..

Music : සෝමපාල රත්නායක
Singer : ලා තණකොළපෙත්තාස් (දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)

watch song
More songs

Lyrics

හුස්මට හුලගත් ගින්නට හෙවනත් ගස් අතු අතරෙනි එන්නේ
කන්නට රස ගෙඩි පලවැල අලකොල ගස මැදිකරය හැදෙන්නේ
දිය සීරාවද වැස්සද පින්නද ගස්මුල් යටය තියෙන්නේ
අම්ම තාත්තා වගේ රැකිය යුතු ගහ කොළ ඇයි වනසන්නේ

බෝරුක පිදුමට බුදුගේ වැදුමට ගැස්මය මල් පුබුදන්නේ
ගහකම ලීයක් පොරෝ මිටට ගෙන ගහටම නොවෙද කොටන්නේ
මුල පෙරලන්නට වල හාරන්නා ඒ වල කාට කපන්නේ
ගහක් නොවෙයි මතු අනාගතෙයි අපි ඒ වල තුලට වැටෙන්නේ

මිනිසා ලොව උපදින්නට පෙර දී මිහිපිට ගහකොළ හැදුනේ
ඒ වැඩිමල්කම ගරු කොට සලකා ගස රැක ගත යුතු වන්නේ
කැපීම ලේසියි හැදුම අසීරුයි ඒ පොදු දම සිතමින්නේ
ගසක් කපූ පව ගෙවා දමන්නට පැල දහසක් වවපන්නේ

හුස්මට හුලගත්……

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක

ගායනය : තණකොළපෙත්තාස්
(දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)
Scroll to Top