Premakeerthi de Alwis

විහිළු විහිළු විහිළු...

Vihilu vihilu vihilu....

Music : සෝමපාල රත්නායක
Singer : ලා තණකොළපෙත්තාස් (දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)

watch song
More songs

Lyrics

විහිළු විහිළු විහිළු රට කොටවන විහිළු
විහිළු විහිළු විහිළු රට නැතිවෙන විහිළු

කොටිය එනවා කියල විහිළු කෙරුවා බැටළු කොලුවා
කොටිය ආපු දවසේ බැටළු කොලුවා වීලු ගොළුවා
නැති කොටියෙක් කටින් කටට විහිළුවටයි මැව්වේ
ඩිංග ඩිංග ඌ ලොකුවී මහා කොටියෙක් ඌවේ

විහිළු විහිළු…..

ඇස් වටකුරු දත් විසකුරු නියපොතු උල් කරලා
ඔලුවේ අං ඇඟ පුරාම දාර පච්ච කොටලා
පිටින් ඉදන් කොටි නටවන අය කොතනද සොයමු
අල්ල ගත්ත දාකදී නිසි දඩුවම් පමුණුවමු

විහිළු විහිළු….

නොවෙන්ටනම් බියක් සැකක් මත්තට මතු දාක
තමන්ගෙ දේ තමන් විසින් රැක ගත යුතු සේක //

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක

ගායනය : තණකොළපෙත්තාස්
(දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)
Scroll to Top